දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ එම වසරේදී රුපියල් මිලියන 1,958,088ක බදු ආදායමක් ලබා ඇති බවයි.
මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් බවයි වාර්තා වන්නේ.
දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි වර්ධන වේගය 25.1%ක් බවයි.