තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඇය සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පවතින අතරතුර ඇයගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ දුරකතනයෙන් සිදු කළ බවට පැවසෙන සංවාදය මෙලෙස ඇයගේ සේවය අත්හිටුවීමට හේතු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගෙන් පුරප්පාඩු වූ අගමැති ධූරයේ වැඩ බැලීම සඳහා සූරිය ජුන්ග් රුන් ග්රුන්ග් කිට් පත්කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *