තායිලන්තය සහ කාම්බෝජය අතර පැවැත්වුණු සාම සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශවයම ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් පැවසූ බවයි.

ගැටුම් අවම කර සාමය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය පියවරක් බවද ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *