2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික තරගයට තරුෂි කරුණාරත්න ඊයේ (02) සහභාගී වුණා.

එහිදී ඇය 08 වන ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ඇයට තරගය නිම කිරීමට ගත වූ කාලය දැක්වෙන්නේ විනාඩි 02යි තත්පර 07යි දශම 7.6ක් ලෙසයි.

එම ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 50 දෙනෙක් නිර්දේශ වී සිටි අතර එම ක්‍රීඩිකාවන් අතරින් ඇය 45 ස්ථානය ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තරුෂි කරුණාරත්නට නැවත වතාවක් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා තරග කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.45ට තරග වැදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *