වවුලන්ගෙන් ව්‍යාප්ත වන විවිධාකාරයේ කොරෝනා වයිරස් 3000කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතින බව අනාවරණය කර තිබෙනවා.
ඒ එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සියලුම කොරෝනා වයිරස් වර්ගවලට මිනිස් සිරුරු තුළ රෝගකාරක වර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, එම වයිරස් වර්ග චීනයේ පමණක් නොව ලොව පුරා තවත් රටවල වවුලන් අතරත් දක්නට ලැබෙන බවයි.
එමෙන්ම කීර්තිමත් විද්‍යාඥවරියක් වන සී ෂෙංග්ලි ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් චීනයේ ගුවැන්ඩොං, ෆුජියැන්, ෂෙජියැං සහ ගුවැංෂී ඇතුළු ප්‍රාන්ත රැසක කුඩා වවුල් වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධව සිදු කළ දීර්ඝ
පර්යේෂණකින් පසුව සොයා ගනු ලැබූ වයිරසය HKU5-CoV-2 ලෙස නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.