හෙට (17) ආරම්භ වන අ.පො.ස. (සා. පෙළ) විභාගයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා.

ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (17) සිට මාර්තු 26වනදා දක්වා දින නවයක කාලයක් අ.පො.ස. (සා. පෙළ) විභාගය පැවැත්වීමට නියමිත බවයි.

ඒ සඳහා සහභාගී වන අපේක්ෂකයන් වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 3663ක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *