රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ වෙනුවෙන් සිය රජය නොපැකිළිව කටයුතු කරන බවයි.