රෝහල පාර අංගොඩ ලිපිනයේ වෙළඳසැලක ඊයේ (09) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්නෙන් දේපළ හානි සිදුවී ඇති අතර ජීවිත හානි සිදු නොවූ බවයි.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ගුවන් නිලධාරීන් හා කෝට්ටේ ගිනි නිවන හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මුල්ලේරිය පොලීසිය සඳහන් කළා.