අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ඊයේ (25) කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ගැලනි පැසේජ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ මධ්‍යයම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *