අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 270ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ බ්ලුමැන්ඩල් ප්රදේශයේදීයි.
කොළඹ උතුර අපරාධ කොට්ටාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරු බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන කොළඹ 13ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.