අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 110ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාදම්පිටිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස සංකිර්ණය ආසන්නයේදීයි.
පොලීසිය සඳහන් කළේ මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධව මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.