අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයන් 4,623ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපද කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රවී ජයරත්න සඳහන් කළේ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් මෙම හානි සිදුවී ඇති බවයි.

මෙම අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි වශයෙන් පීඩාවට ලක්වී තිබෙනවා.

එහි පවුල් 327 ක පුද්ගලයන් 1,278ක් අද උදෑසන වන විට පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ද ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපද‍ා සිදුවී ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184 ක් පමණ සිදුවී ඇති බවට ආපද කලමණා කරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *