බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා සඳහන් කළේ අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවයි.

ඒ අනුව පෙරවරු 11.30 සිට ‍පස්වරු 5.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන, වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණයේ කොමිෂන් සභා වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම විවාදය දෙදින විවාදයක් වන අතර ඒ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *