දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වල සහ මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *