ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවූයේ තීරණාත්මක අවස්ථාවකදී බවත්, එය දෙරට අතර ඓතිහාසික යුගයක ආරම්භයක් වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම මීට පෙර අවස්ථා 3කදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අගමැති මෝදි සංචාරය අතිශය වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන වශයෙන් සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති කාල පරිච්ඡේදයක බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව වසර 2028දී ලොව විශාලතම තුන්වැනි ආර්ථිකය බවට පත්වනු ඇතැයි මෝගන් ස්ටැන්ලි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය අනාවැකි පළ කර ඇති බවත්, එහිදි ශ්‍රී ලංකාවට ද වැදගත් අවස්ථාවක් හිමිවනු ඇති බවත් එහි සඳහන් වනවා.