පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා.

ඒ අනුව ලබන 13වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. පී. ආර්. විමලසූරිය සඳහන් කළා.

ඔහු කියා සිටියේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *