ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන, මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ ඊයේ (03) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින්.

එහිදී වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබූ අමතර කොටස් ගලවා ඉවත් කිරීමටත්‍ අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මෝටර් රථ ආඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි අවධානයට ලක් කර තිබෙනවා.

එමෙන්ම අඩුපාඩුකම් සහිත වාහන කිහිපයක්ද එහිදී පොලිස් අවධානයට ලක් වූ අතර එම අඩුපාඩුකම් සපුරා ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම කාලය අතරතුරු එම වාහනය ධාවන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වාහනවල ආදායම් බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *