සිරි දළදා වන්ඳනාව ගැන වට්ඇප් මාර්ගයෙන් හුවමාරු වන අසත්‍ය පුවතක් ගැන ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකරන ලෙසත් අදාළ ව්‍යාජ නිවේදනයේ සඳහන්.
මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බව දළදා මාලිගාව වාර්තා කළා.
එසේම ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙක්ට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට හෝ වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් සඳහන් කළා.