ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ සහයෝගයෙන් දින 2ක වාහන සුසර කිරීමේ දන්සලක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වාහන සුසර කිරීමේ එම දන්සල අද (15) සහ හෙට (16) නාරාහේන්පිට DMT කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වෙන බවයි.

මෙම දන්සල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *