විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල 02ක්, රිවොල්වරයක් සහ පතරොම් 143ක් කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ කඩුවෙල වැලිවිට පල්ලිය පාර ප්රදේශයේ පාළු ළිඳක තිබියදීයි.
පොලීසිය පවසා ඇත්තේ මෙම ගිනිඅවි සහ පතරොම් වැලිවිට පල්ලිය පාර ප්රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක ඇති අඩි 45ක් පමණ ගැඹුරු ජලය පිරුණු පාළු ළිඳක පතුලේ පොලිතින් උරවල ඔතා තිබියදී සොයාගත් බවයි.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති අතර වැඩිදුර විමර්ශන කරන බව කඩුවෙල පොලීසිය සඳහන් කළා.