මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ආඳාගල,වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ ඔහු ගෙවල් බිඳ මුදල් හා දේපල සොරකම් කිරීමේ අපරාධ 13කට හා අහුන්ගල්ල පොලිස් වසමේ සිදු කරන ලද නිවසක් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *