උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වෙනත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තිබෙනවා.
මේ අතර මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.