උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මේ අතර උතුරු, උතුරුමැද මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.