කුලියාපිටිය – හෙට්ටිපොල ප්‍රධාන මාර්ගයේ කුඹුරපොල ඔයට අද (23) අලුයම ජීප් රථය පෙරලීමෙන් එකම පවුලේ තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වේ තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීප් රථය ගඟෙන් ගොඩගැනීමත් සමඟ එහි සිරවී සිටි තරුණයින් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 27 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙක්.