පවතින වර්ෂාව නිසා දුම්බර මිටියාවතේ පැසුණු කරාබු අස්වැන්න නෙළා ගැනීමට බාධාවක් වී ඇති බව ගොවියෝ පවසනවා.
ගොවියන් පවසා ඇත්තේ ගස් නැඟ කරාබු කිලෝවක් නෙළීමට කම්කරු කුලිය වශයෙන් කිලෝවකට රුපියල් දෙසිය පනහේ සිට රුපියල් තුන්සියය දක්වා මුදලක් ගෙවන අතර සමහර කම්කරුවන් දිනකට කිලෝ හතළිහක්, පනහක් නෙළා ගනිමින් ලොකු මුදලක් දිනකට උපයන බවයි.
මෙම දිනවල අමු කරාබු කිලෝවක් රුපියල් අටසියයකට වෙළෙඳුන් මිලදී ගන්නා අතර වියළි කරාබු කිලෝවක් රුපියල් දෙදහස් අටසියයේ සිට රුපියල් තුන්දහසක් වැනි මිලකට වෙළෙඳුන් මිලදී ගැනීම සිදු කරනවා.