අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අද (14) රිය අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 5දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තඹුත්තේගම සිට අනුරාධපුර දෙසට ගමන් කළ කුඩා ලොරි රථයක් සහ අනුරාධපුර දෙස සිට තඹුත්තේගම දෙසට ගමන් කළ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *