පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිඳද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ද පසුගියදා සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

මිය ගිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ බිරිඳ 42 හැවිරිදි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *