මීරිගම දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක් හා වෑන් රිය ගැටීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මියගොස් තිබෙනවා.
ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගමදීයි.
ඔහුගේ බිරිය හා තුන් නිවුන් දරුවන් ඇතුළු හය දෙනෙක් බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් නාකුළුගමුව අන්තර් හුවමාරු මධ්‍යම අධිවේගී මාර්ග පොලීසිය විමර්ශන සිදු කරන බව සඳහන් කළා.