මතුගම දෙස සිට හොරණ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (18) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අඟුරුවාන පොලිස් වසමේ හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ මදුරාවල ප්‍රදේශයේදීයී.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව හොරණ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *