මොළය මියගිය කාන්තාවකගේ නීරෝගි අවයව ලබා ගෙන මරණයේ අබියස සිටි රෝගීන් 2නෙක්ට අවයව බද්ධ කර සාර්ථක සැත්කමක් කිරීමට හම්බන්තොට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.
ඒ අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුවයි.
මෙලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
රෝහල් වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මොළය මියගිය කාන්තාවගේ වකුගඩු දෙක ලබාගෙන තවත් රෝගීන් දෙදෙනෙක්ට බද්ධ කර එම සැත්කම් සාර්ථක කරගත් බවයි.