පෑලියගොඩ දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පදික මාරුව හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ බෑංකඩ හන්දිය අසළදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව මාරවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 46ක් වූ සිරිමැදුර පාර, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මාරවිල පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *