කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කොළඹ ගාල්ල මාර්ගයේ කුමාර කන්ද හන්දියේදීයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 55ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව හික්කඩුව පොලිසීය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *