උඩතලවින්න දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ පුද්ගලයින් තිදෙනෙකු රැගත් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ඊයේ (02) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ වත්තේගෙදර ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරුවන් දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් තිබෙන බවයි.

ජීවිතක්යෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වන වත්තේගෙදර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව වත්තේගම පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *