මාදම්පේ දෙස සිට තෝප්පුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (14) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොස්වත්ත ප්‍රධාන මාර්ගයේ හාල්දඬුවන ප්‍රදේශයේදීයි.
බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන හතමුණ තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කොස්වත්ත පොලිසීය සඳහන් කළා.