ගංවතුරෙන් විනාශ වූ ගොවි බිම් නිරීක්ෂණයට පියවර ගත් බව කෘෂිරක්ෂණ මණ්ඩලය පවසා තිබෙනවා.
කවුඩුළු ව්‍යාපාරයේ ගොවිබිම් නිරීක්ෂණය සඳහා කෘෂිරක්ෂණ මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
කවුඩුළු ඔය පිටාර ගැලීම හේතුවෙන් ගොවි සංවිධාන කිහිපයකට අයත් වගා බිම් අක්කර 350කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
හෙක්ටයාර එකක් වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමටයි කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.
හානි තක්සේරු කර අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා බව කෘෂිරක්ෂණ මණ්ඩලය පවසනවා.