වෙළෙඳපොළේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමෙහිලා ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාමූහිකව කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර පැවැති සාකච්ඡාවකදීයි.

එම නියෝජිතයෝ ප්‍රකාශ කළේ පාරිභෝගිකයා නොමඟ යැවීමෙන් තොරව නියමිත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලට වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ හා නීතිරීති ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමු කළ අතර ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි පවතින නීති යාවත්කාලීන කිරීම ප්‍රධාන අරමුණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *