මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දී තිබූ බලපත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබෙනවා.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න සඳහන් කළේ විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි.
එමෙන්ම පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බවද ඔහු කියා සිටියා.
එම විගණන වාර්තාව ඉදිරියේදී සභාගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.