විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සැපයීම හෙට සිට අප්‍රේල් 17වනදා දක්වා සීමිත කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දිනවලදී ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න 12 දක්වා පමණක් සිදු කරන බවයි.

එමෙන්ම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවල ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *