ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීමට ඊලෝන් මස්ක් සහභාගී වී තිබෙනවා.
මෙම කැබිනට් රැස්විමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීමට ගත් උත්සහයන්ගේ සිට සංක්‍රමණ හා ආර්ථික කටයුතු මෙන්ම යුක්‍රේන යුද්ධය පිළිබඳව ද අදහස් දැක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැබිනට් සාමාජිකයන් නොවන ඊලෝන් මස්ක්ගේ සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය ප්‍රසාදය පළ කළ බවයි.
එමෙන්ම යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි හෙට(28) ධවල මන්දිරයට පැමිණෙන බව ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.