කොළඹ, කළුතර මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (06) උදෑසන විදුලි සැපයුම ඇණහිට තිබෙනවා.

ඒ බියගම සහ පන්නිපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන්.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මේ වන විට ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

මේ වන විට විදුලි සැපයුම ඇණහිට ඇති ප්‍රදේශවල සැපයුම යථාවත් කිරීමට කටයුතු කරමින් සිටින බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *