හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7ක් වැය කර රොකට් ගුවන්ගත කිරීමේ පථයක් ( Aero space pad ) ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සළකා බලා තිබෙනවා.

මෙම ව්‍යාපෘති සාර්ථක වුවහොත් ලාංකිකයන් 4,000කට පමණ නව රැකියා අවස්ථා ලැබෙන බවත් ජපානය මෙම ව්‍යපෘතිය සඳහා කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ සුදුසුකම් සොයා බැලීම සඳහා ජපන් නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවත් ජපාන රජයට අනුබද්ධ ‘ඇස්ට්‍රෝ ලැබ්’ නැමති අභ්‍යවකාශ රොකට් දියත් කිරීමේ ආයතනය මෙරට තුළ පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *