සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එම දැනුම් දීම නොසලකා හරින්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කිරීමට හමාස්
සංවිධානය සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට සූදානම් බවට ධවල මන්දිරය ප්‍රකාශ කිරීමෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.