වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව, මහල් 06 කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවයි.

වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පර්චස් 07 බැගින් වෙන්කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවනවා.

ලේකම්වරයා කියා සිටියේ ඒ පිළිබඳ සලකා බලා මේ තීරණයට එළැඹි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *