හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 02ක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත් සමඟයි.

මීට අමතරව ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇති බව ඔහු පැවසීමත් සමඟ එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *