බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා.
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදු වූයේ අද වැනි පොහොය දිනකයි.
සඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදු වී තිබෙනවා.
එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීම උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක්.