2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නොමඟ යැවූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් කොස්තාපල්වරයෙක් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

පාස්කු ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොලේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීමට අදාළ පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා රාජ්‍ය බුද්ධි සේවයේ කරදියනාරු දිසා බුද්ධි කාර්යාංශයට අනුයුක්තව දෙවය කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *