බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටින බවට තොරතුරු හෙළිව ඇති බවයි.

රුපියල් 65,000ක මුදලක්, දුම්වැටි පැකට් 25ක්, ජංගම දුරකතන පෙර ගෙවුම් කාඩ් 450ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙම සැකකරුවන් වයස අවුරුදු 20ත් 22ත් අතර වියේ පසුවන තරුණයින් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *