වහාම ක්‍රියාත්මක වන පරිදී ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මේ සමඟ ඊයේ (13) පැවති ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහසභාව උණුසුම් මුහුණුවරක් ගත් බවයි වාර්තා වන්නේ.

එළඹෙන 30වනදා පැවැත්වෙන වාර්ශික මහ සභා රැස්වීමේදී නිලවරණ කමිටුව පත්කර නිලවරණය පැවැත්වීම පිළිබඳ ඉදිරි තීරණ ගන්නා බව ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *