ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා.

ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යාමට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවූ අවස්ථාවේදීයි.

ඩොලර් මිලියන 105ක මුදල මේ වන විටත් ඒ සඳහා යොදාවා ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *