වන අලි පහරදීමකින් පෙර පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා.
ඒ පොළොන්නරුව නිකපිටිය ප්‍රදේශයේදීයි.
ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63ක් වන කාන්තාවක්.
නිවස පිටුපසට ගොස් සිටි අවස්ථාවේ ගෙවත්තේ රැඳී සිටි වන අලියා ඇයට පහරදී ඇති බවයි සඳහන් වන්නේ.
තුවාල ලබා සිටි එම ගුරුවරිය ප්‍රතිකාර සඳහා බකමූණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබෙනවා.